Tuesday, October 17, 2023

අහිමි නොවන එහෙත් හිමි නොවන ආදරය


"සංසාර පුරුද්ද ද මේ හමු වීමෙ අරුමේ
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති..."

සියලුම ආගම් හා දර්ශන ඇති දේ නම් අනෙකා පිළිබඳ ඇති දයාව සහ ආදරයයි. මෙහිදි සැලකිය යුතු කාරණය නම් යම් දෙයක් නැවත බලාපොරොත්තුවෙන් කරනා වූ ආදරයක් නොවිය යුතුය යන්නයි. 

මෙලෙස යම් දෙයක් බලාපොරොත්තුවෙන් කරනා ආදරය ආත්මාර්ථකාමී වන අතර තෙවන පාර්ශවයෙන් ලැබෙන්නා වූ ප්‍රතිචාරය මත තම චිත්තප්‍රිතිය සන්තර්පනය කරගැනීම හෝ නොවීම සිදු වේ. මෙම ආදරය ආත්මීය නම් අනෙකා තම ආදරය හෝ ආදරයෙන් දෙන ත්‍යාගයන් පිළිගැනීම හෝ නොගැනීම දුකට හෝ සතුටට හේතු විය නොහැකිය. 

නිදසුනක් ලෙස ගතහොත් මවක් තම බිලිඳාට කිරි පොවනුයේ යමක් බලාපොරොත්තු නොවේ. ඒ දරුවා පිළිබඳ ඇති අසීමාන්තික දයාව ආදරය නිසාවෙනී. එහෙත් විවාහයකදී එම ආදරය යම් කායික ගනුදෙනුවක් දක්වාම දිවයන අතර විවාහය යනු ආදරය ලිංගිකත්ව අතර අමුතුම ගනුදෙනුවක් වෙයි. 

ඇතැම් අවස්ථාවන්හිදී පුද්ගලයකු හට අයිති කරගත නොහැකි ආදරයන් ලැබීමට හෝ දීමට සිදුවිය හැකියි. ඒ ඒ අයට ඒ ඒ අවස්ථාවලදී යම් සීමාවන් යටතේ ආදරය විඳීමට/දැනීමට/ දීමට පුළුවන. ආදරය යනු උතුම් පරිත්‍යාගයක් මිස ගනුදෙනුවක් නොවිය යුතුය. 



Thursday, October 30, 2014

සතුටින් සිටින්න නම් දැන් ජීවත් වෙන්න!!

වර්තමානයේ බොහෝ දෙනා පිටතින් සතුටින් සිටිනවා සේ විදහා දැක්වුවත් , බොහෝ විට ඇතුළාන්තයෙන් ශෝකයෙන් , සාංකාවෙන් , බියෙන් , චකිතයෙන් සිටින්නෝ වෙති. අපගේ සතුට බොහෝ විට අප ළඟම ඇතත් බොහෝ දෙනා ඒවා බාහිර දේවල් වෙතින් බලාපොරොත්තු වෙති.

උදාහරණ ලෙස ගතහොත් ඇතමෙක් තමා හට හැඩකාර තරුණියක ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතති. ඇතැම් කාන්තාවක තමා හට වත්කම් ඇති සැමියෙක් සිටියොතින් තමා සතුටින් ඇතැයි සිතන්නීය. තවකෙක් තමාට වටිනා මෝටර් රථයක් ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතයි. තවත් අයෙක් තමන් හට වටිනා ජංගම දුරකතනයක් ඇත්නම් තමා සතුටින් සිටින්නේ යැයි සිතති. ඇත්තෙන් ම මේ සතුට මායාවක්ම නොවේද? තමාට තමාවම සතුටින් තබා ගත නොහැකිනම් , තමාට පරිබාහිර අයෙක් හෝ දෙයක් තමාව සතුටින් තබන්නේ කෙසේද ? මඳක් සිතා බලන්න. ඉහත මා දැක් වූවා වූ උදාහරණයන් හිදී , හැඩකාර තරුණියට යම් කුෂ්ට රෝගයක් වැළඳුන හොත් , ධනවත් සැමියා හදිසියේ බංකොළොත් වුවහොත් , වටිනා මෝටර් රථය හදිසි අනතුරකින් කැඩී ගියහොත්, ජංගම දුරකතනය යමෙක් සොරකම් කළහොත් , ඔබගේ සතුට ඔට්ටුවට තබා තිබූ බාහිර දෙය නැති වනවා නේද?

මෙයමයි ගෝතම බුදුන් ;

“අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථො පරෝ සියා
අත්තනා’ ව සුදන්තේන
නාථං ලභති දුල්ලභං“

තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය, යනුවෙන් දේශනා කළේ.

කෙසේ වෙතත් මා මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුම ය. මේ ජනසමාජයේ බොහෝ දෙනා අතීතය පිළිබඳ තැවෙමින් සිටිති. තමා කළ හෝ නොකළ දේ පිළිබඳ සිතා , ඒ සිතුවිලි තුළ ම මැරි මැරී උපදිති. උදාහරණයක් ලෙස ගතහොත් ; තමා තවත් මහන්සි වී අධ්‍යාපන කටයුතු කළා නම් විශ්ව විද්‍යාලයට යන්නට තිබුණා නොවේද ? එයින් පසු හොඳ රැකියාවක් ලබා ගන්නවා නොවේදැයි සිතනු ඇත. එසේම බොහෝ දෙනා අනාගතයේ ඇතිවිය හැකි දේවල් නිසා තැවි තැවී සිටිනන් වෙති. හෙට දිනයේ ඇති සම්මුඛ සාකච්ඡාව කෙසේ වේවිද? අනාගතයේ මා හට ජීවත් වීමට මුදල් ලැබේවිද? හෙට දිනයේ තරගයෙන් මා දිනයිද? යනුවෙන් තැවීම මෙයට උදාහරණ වෙයි. ඇත්තෙන්ම මේ අතීතය සිදුවී අවසන් ය. මේ අනාගතය තවමත් සිදුවී නැත්තේම ය. එසේ නම් ඔබ දැන් සිටින්නේ කොතැනද?

ඔබ ජීවත් වන්නේ “දැන්“ නොවේද? ඔබ ගන්නා මේ හුස්ම “දැන්“ ගන්නා හුස්ම නොවේද? ඔබට මනස විවෘත කර තත්ත්වය , නිළය , බලය කිසිවක් නොසිතා දැන් ජීවත් වන්නට පුළුවන්ද? එසේ හැකි නම් ඔබ දැනටමත් සාර්ථක මිනිසෙකි. නමුත් බොහෝ දෙනාට මේ මානසිකත්වය නැත්තේම ය. අද ඇති නිළ බලය , තත්ත්වය හෙට නැති වුවත් ඔබ හුස්ම ගන්නවා නොවේද ? නැතිවන සෑම බාහිර දෙයක්ම නැවතත් ලබාගත හැකිය. ඔබ කළයුතු යමක් , සමාජය විසින් තමාව ලජ්ජාවට පත් කරාවි යයි සිතා නොකර සිටීමෙන් , පසුව පසුතැවිලි වන්නේ ඔබම නොවේද? මෙසේ සිතන්න.ඔබ පිරිමියෙකි. පාරේ යන කාන්තාවක හදිසි අනතුරකට මුහුණ පා මහමග වැටී සිටින්නී , ඔබ ප්‍රථමාධාර දන්නේ නමුදු ඇයගේ උඩුකය නිරාවරණය කර කෘතිම ස්වසනය හා හෘද ස්පන්දනය ලබා දුන්නේ නම් ඇය ජීවත් කරවීමේ වාසනාව ඇතත්, උඩුකය නිරාවරණය නිසා සමාජයෙන් නිගා ලැබිය හැකිය යන අනියත බිය නිසා ඔබ එසේ නොකර ඈ මිය යන්නීය. දැන් ඔබගේ සතුට කොතැනද? ඔබගේ මාන්නය නිසා තවත් ජීවිතයක් අහිමි වූවා නොවේද? ඔබට මේ සිතිවිල්ල සෑමදා මනසේ රැව් පිළිරැව් නොදෙන්නේද?

අනාගතය වෙනුවෙන් සැලසුම් සදන්න. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. නමුත් අනාගතයේ හෝ අතීතයේ ජීවත් වීමෙන් වර්තමානයේ සැනසුම විනාශ කරගන්නට එපා! ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම තමාට සහ අනුනට වැඩදායක වන යමක් කරන්න. මතක තබාගන්න , ඔබ ගන්නා සෑම හුස්මක්ම දැන් ගන්නේ නම් ඔබ සිතන සෑම සිතිවිල්ලක්ම දැනට අදාළව සිතන්න. ඔබ සතුටින් සිටියි නම් ඔබ වටා සිටින සැවොම සතුටින් සිටිති.

ආයුබෝවන්! ඔබ සැමට යහ දිවියක් ලැබේවා!

Tuesday, July 1, 2014

ජා.ග.ග.කො.ස අධ්‍යක්ෂක (සැලසුම්) සමග තැබූ විශේෂ සම්මුඛ සාකච්ඡාව

මාගේ සාමාන්‍ය ලිපි ගෙන ඒමේ කලාවෙන් මදක් බැහැරව මා කළ සම්මුඛ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන ඒමට හැකි වීම මාගේ සමාජ මෙහෙවරේ තවත් එක් සන්ධිස්ථානයක් වනු ඇත. අද මා සමග සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූයේ ජා.ග.ග.කො.ස අධ්‍යක්ෂක (සැලසුම්)  විපුල හේවාවලිමුණි මහතායි.

මා - මහතාණෙනි , ලංකාවේ පෞද්ගලික බස් සේවාවෙන් සේවය ලබා ගන්නා මගින් හට ඔවුන් ලබා දෙන             මුදලට සරිලන ටිකට් පතක් ලබා නොදීම පිළිබඳ බොහෝ චෝදනා බස් කොන්දොස්තරවරු හට එල්ල          වී තිබෙනවා. කුමක්ද මේ පිළිබඳව ඔබගේ අදහස?

ඔහු - ඇත්තෙන්ම අපි ජා.ග.ග.කො.ස වශයෙන් බොහෝ නීති සහ රෙගුලාසි නිකුත් කර තිබෙනවා බස් වල            කොන්දොස්තර වරුන්ට අනිවාර්යයෙන්ම ලබා ගන්නා මුදලට සරිලන , එසේම නිසි ප්‍රමිතියෙන් යුතු              ටිකට් පතක් මගියාට ලබා දියයුතු ලෙස. සාමාන්‍යයෙන් ගතහොත් පාරිභෝගිකයෙකු ලබාගන්නා                  ඕනෑම භාණ්ඩ හා සේවාවකට අදාළ ලදු පතක් අනිවාර්යයෙන්ම ඔහු හට ලැබිය යුතුමයි.

මා - එහෙත් එවැන්නක් දැනට සිදුවන්නේ නැහැ ?

ඔහු - ඔව්. ඇතැම් බස්රථ වල කොන්දොස්තර වරු මෙලෙස ටිකට් පත් නිකුත් නොකරන බව අපට ආරංචි වී          තිබෙනවා. ඇතැම් වේලාවට ක්ෂණික පරීක්ෂා සැලසුම් කරන්නේද මේ නිසයි. එහෙත් මෙහිදී අපට                ගැටළුවක් තිබෙනවා.

මා - ඒ කුමක්ද?

ඔහු - ඒ මෙවන් පරීක්ෂාවන් සිදු කිරීමේදී සමාජයෙන් අපට කිසිදු සහයෝගයක් නොලැබීමයි. තව දුරටත්            කියනව නම්; මෙවන් පරීක්ෂාවන් සිදු කිරීමේදී අනෙක් බස් රථ වලින් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු        වෙන බස් රථ වෙත සංඥා කිරීම් ආදිය නිසා කොන්දොස්තර වරු සැනින් ලදු පත් බෙදා දීම නිසා අපට          බස් රථ සේවාවේ ගුණාත්මක භාවය පිරික්සිය නොහැකි වීමයි. අනෙක් අතට ඒ ඒ බස්රථ වල මගීනුත්          ඔවුන් හට ලදු පත් ලබා දුන්නේ දැන් බව සැල නොකර සිටීමටත් අපට ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග              නොගැනීමට හේතු වීමට කාරණාවක් වෙනව.

මා - මහත්මයා, එවිට මගීන්ට අයිතිවාසිකමක් තියෙනව නේද ලදු පතක් ඉල්ලීමට? මා දන්නා පරිදි බොහෝ          කොන්දොස්තරවරු මෙවන් අවස්ථා වල මගීන් වෙත ගණන්කාරකම් පෙන්වන අවස්ථාද අපමණයි.                කුමක්ද මේ පිළිබඳව ඔබගේ අදහස?

ඔහු - ඇත්තෙන්ම ඔව්. මගීන්ට සියලුම ආකාරයෙන් අයිතියක් තිබෙනවා තමා ගෙවූ මුදලට ලදු පතක් ලබා            ගැනීමට. ඇත්තෙන්ම අපට නීති කෙතරම් සෑදුවත් මගීන්ගෙන් යම් කිසි නැගී සිටීමක් නොවුනහොත්            නීතිය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඇත්තෙන්ම දැන් මගීන් නිද්‍රාශීලියි. ඔවුන් තම              අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා බොහෝ අඩුයි. මා දැක තිබෙන්නේ දෙතුන් දෙනෙකු පමණයි          මෙවන් අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ. මගීන් නැගී සිටියහොත් කොන්දොස්තරට කළ                හැකි යමක් නැහැ. 

මා - මෙවැනි මගීන්ට සිදුවන අසාධාරණ කම් ගැන පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙනවද?

ඔහු - ඔව්. ජා.ග.ග.කො.ස මහජන පැමිණිලි ඒකකය තිබෙනවා. 1515 දුරකතන අංකය ඔස්සේ මේ පිළිබඳව            දැනුම් දෙන්න පුළුවන්. හෝ අපගේ ආයතනයට පැමිණ හෝ ලිඛිතව දැනුම් දෙන්න පුළුවන්. එහෙත්              අපට අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණය තිබිය යුතුමයි. එනම් දිනය, වේලාව, බස් රථයේ අංකය වේ. 

මා - මෙවැනි පැමිණිල්ලක් ලැබුණු විට ඔබ ආයතනයෙන් සිදුවන පසු විපරම් ස්වභාවය කෙබඳුද?

ඔහු - අප ආයතනයෙන් බලපත් ලැබූ බසයක් නම් අනිවාර්යයෙන්ම පසු විපරම් සිදු වනවා. මේ චෝදනා                පිළිබඳ සනාථ වුවහොත් අවශ්‍ය කටයුතු සිදු කරනවා. පළාත් මගින් නිකුත් කරන බලපත් සහිත බස් රථ          නම් අප ඒ ඒ පළාත්බද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට දැනුම් දෙනවා. මේ අවස්ථාවේදී පසු විපරම්          කිරීමට අපට හැකියාවක් නැහැ.

මා - දැනට ඔබ ආයතනය මගින් අන්තර් පළාත් බස්රථ සේවා සඳහා ජී.පී.එස් තාක්ෂණය හඳුන්වා දී                      තිබෙනවා නේද? එහි සාර්ථකත්වය කෙබඳුද?

ඔහු - ඔව්. දැනට සීමා සහිත ප්‍රමාණයක් තමයි ජී.පී.එස් තාක්ෂණය භාවිත කරන්නෙ. අපිට මෙහි ලැබෙන               දත්ත වෙන්නෙ බස්රථය තිබෙන ස්ථානයයි, බස් රථයේ වේගය පමණයි. මෙමගින් අපට වෙනත්                 යමක් නිරීක්ෂණය කළ නොහැකියි.

මා - සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳ ඔබට බොහොම ස්තුතියි.

ඔහු - ඔබටත් බොහොම ස්තුතියි

Monday, June 30, 2014

ලංකාවේ පෞද්ගලික බස් ප්‍රවාහන මාෆියාව

පසු ගිය දිනෙක පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශයක් කරන ලදී. එනම් ජූලි මස දිනකදී බස් ගාස්තු සංශෝධනයක් නොවුව හොත් සියලුම බස් රථ වර්ජනය කරන බවකි. එසේම ජා.ග.ග.කො.ස සභාපති කියා සිටියේ , සංශෝධනය සඳහා අවශ්‍ය කරුණු වලින් බොහොමයක් අවශ්‍ය මට්ටමට වඩා අවමයක පවතින නිසා බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි.

මුදලට කෑදර පෞද්ගලික බස් රථ හිමියනි තොපිට ඕනි අහිංසක දුප්පත් අපිව හූරගෙන කන්නද?

කෙසේ වෙතත් නැගිය යුතු ප්‍රශ්නයක් ඇත. තමාගේ අයිතිවාසිකම් ඉල්ලීමට මේ පෞද්ගලික බස් රථ හිමියන් තම යුතුකම් නිසි ලෙස ඉටුකරයිද? පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් පවසන පරිදි “ යම් කිසි මාර්ගයකින් බස් වර්ජනයකට ගියහොත් , මගී ජනතාවට වෙන අපහසුතාවයෙහි වගකීම ජා.ග.ග.කො.ස සභාපති ගතයුතු බවයි“. මෙය නිවැරදි යැයි මඳකට සිතමු. එහෙත්  පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් හෝ බස් රථ හිමියන් හෝ රියැදුරන් හෝ කොන්දොස්තර වරුන් නිසි ආකාරයෙන්ම මගීන්ට සලකන්නේද? මේ කිසිවක් අධ්‍යයනය කිරීමට පළමුව මගී ජනතාවට ඇති අයිතීන් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සිතමි.   ජා.ග.ග.කො.ස නිළ වෙබ් අඩවියට අනුව මගී ජනතාවට ඇති නෛතිකමය අයිතීන් පහත පරිදි වේ.

  • බස් නැවැතුමෙන් බස් රථය පිටත් වීමට පෙර , ඔබගේ ගමන ආරම්භයේදීම ඔබ ලබාදෙන මුදලට සරිලන ටිකට් පතක් ලබා ගැනීම සඳහා ඔබට අයිතියක් ඇත.
  • ඔබ බසයට ගොඩ වූ ස්ථානය, බසයෙන් බසින ස්ථානය, බස් වියදම සහ දිනය, බස් රථයේ අංකය සඳහන් වූ ටිකට් පතක් ලබා ගැනීමට ඔබට අයිතියක් ඇත.
  • ඔබ මුදල් ගෙවූ ගමනාන්තයට සුරක්ෂිතව ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත.
  • ඔබට ආචාරශීලී, සුහද පිළිගැනීමක් විනීත හොඳින් හැඳපැළඳ ගත් රියැදුරුගෙන් සහ කොන්දොස්තරගෙන් ලබා ගැනීමේ අයිතියක් ඔබට ඇත.
  • බසය සාමාන්‍ය සේවයක් නම් අවුරුදු 3 සිට 12 දක්වා වයස ඇති දරුවන් හට වැඩිහිටින්ට අයකරන මුදලින් භාගයක ටිකට් පතක් ලබා ගැනීමේ අයිතිය ඇත.
  • බසය සුඛෝපබෝගි සේවයක් නම් , වායු සමන පහසුකම විඳීමටද අනුමත මගීන් සංඛ්‍යාවකට නොවැඩිව නංවා ගත් සේවයක් අත්විඳීමටද ඔබට අයිතියක් ඇත.
  • පොදු ප්‍රවාහනයේදී දුම් බීම තහනම් වේ. සිගරට් දුමින් තොර පරිසරයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත.
  • අධික වේගයෙන් රිය පැදවීම, අපරික්ෂාකාරීව රිය පැදවීම , මාර්ග නීති කඩකරමින් රිය පැදවීම ආදියට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත. එසේම රියැදුරා රිය පැදවීමේදී ජංගම දුරකතන භාවිතයට විරුද්ධ වීමටද ඔබට අයිතියක් ඇත.
  • බසයේ රේඩියෝව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් පමණක් ලෙස භාවිත වන පරිසරයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත. එසේම එහි ශබ්දය ඩෙසිබල් ඒකක 80 නොඉක්මවන පරිසරයක ගමන් කිරීමටද ඔබට අයිතියක් ඇත.
  • බලපත්‍ර ලබා දීමේ දෙපාර්තමේන්තුවේ අධිකාරිය යටතේ ධාවනය වන බස්රථ වලදී , එය ධාවිත තත්වයේදී බස්රථයේ දොර වසා ඇත් දැයි සැකහැර දැනගැනීමට ඔබට අයිතියක් ඇත.
  • මුදල් ලබා දී ගමන් ගන්නා මගියා බස් රථයේ සිටිනා වටිනාම පුද්ගලයා වේ. ඔහුට/ ඇයට  කාරුණික සුහදශීලි සේවාවක් ලැබීම ඔහුට/ ඇයට උරුමය.
  • මතින් තොර පුද්ගලයෙකුගෙන් සේවාව ලබා ගැනීමට ඔබට අයිති වාසිකමක් ඇත.
  • අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ආසන පමණට වඩා වැඩි මගීන් නංවා ගැනීම නොකළ යුතුය.
  • බස් රථය කාල සටහනකට අනුව ධාවනය වන බව විද්‍යාමාන විය යුතුය. බස් රථයේ පිටත් වන වේලාව සහ ගමනාන්තයට ළඟා වන වේලාව පෙනෙන අයුරිනසටහන් කර තැබිය යුතුය
ඇත්තෙන්ම පෞද්ගලික බස් රථ (මින් පසු පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් හෝ බස් රථ හිමියන් හෝ රියැදුරන් හෝ කොන්දොස්තර වරු යන සියල්ල පෞද්ගලික බස් රථ ලෙස හැඳින්වේ) වලින් අල්පතරයක් හැර අනෙක් සියල්ලෝ ම මගී අයිතීන් තඹ දොයිතුවකටවත් මායිම් නොකරති. එසේම කිය යුත්තේ බොහෝ මගීහු ද තම අයිතිවාසිකම් නොදනිති. එබැවින් ඔවුන් බලහත්කාරකම් පානා අට වසරවත් සමත් නැති කොන්දොස්තරට යටවීමට සිදුවී සිටියි.

තවද ඇත්තෙන්ම මෙයට අතුළත් විය යුතු යමක් පවතියි.  එනම් මාරු සල්ලි පිළිබඳව ඇති ගැටළුවයි. ඇත්තෙන්ම මගීන් හට සල්ලි නැතුවා නොවෙයි. ඔවූහු ඇති තරම් මුදල් ගෙන යති. බස් රථ යනු සේවය සපයන්නෝ වෙති. ඔවුන්ගේ සේවය ලබා ගැනීමේදි මුදල් ඇති තරම් මාරු කරගැනීමට කොන්දොස්තර වරු ළඟ යහමින් මාරුකාසි තිබිය යුතුය. ඇතැම් විට කොන්දොස්තර වරු රුපියල, දෙක ඉතුරු මුදල් දීම පැහැර හරිති. ඔවුන් මෙම රුපියල ,දෙකෙන් දවසකට අවම තරමින් රුපියල් 500 (පන්සියයකවත් ) මහජන මුදල් පැහැරගනිති.

මා මෙහිදි ගෙන හැර දැක්විය යුතු අනෙකුත් කාරණය නම් බස් රථයක් පාරක ධාවනයේදී බස් රථයේ තිබිය යුතු අත්‍යාවශ්‍ය කාරණා පිළිබඳවයි. ඒවා පහත සඳහන් පරිදි වේ.

  • මගී ප්‍රවාහනය සඳහා අවසර ලබා දෙනුයේ මගීන්ට සහ තෙවන පාර්ශවයන් සඳහා රක්ෂණාවරණ ලබාගෙන ඇති බස් රථ සඳහා පමණි.
  • නවතම රෙගුලාසි අනුව සෑම වාහනයකම ගිනි නිවීමේ උපකරණ තිබිය යුතුය. තවද සේවාවේ යෙදී සිටියදී හෝ මගී ප්‍රවාහනය අතර තුරදි ඉන්ධන පිරවීම තහනම් වේ.
  • සේවයේ නියුතු බස් සේවා කාර්ය මණ්ඩලය සුදුසු විනීත ඇඳුමකින් සැරසී සිටිය යුතු අතර ඔහුගේ හැසිරීම ශිෂ්ට සම්පන්න විය යුතුය. ඔහු තම රාජකාරිය ඉටු කිරීමට දක්ෂ විය යුතු අතරම ජා.ග.ග.කො.ස විසින් නිකුත් කරන ලද හැඳුනුම් පත නිතරම ඔහු සන්තකයේ තබා ගත යුතුය.
  • ගමනාරම්භයේදී බසයට නැගීමෙන් පසු සහ ගමනාන්තයේදී බසයෙන් බැසීමට පෙර සියලුම මගීනට ටිකට් පතක් ලබාදීම අනිවාර්යය වේ. මෙම නිකුත් කරනා ටිකට් පත විධිමත් සම්මත ආකාරයට තිබිය යුතු අතර ඉලෙක්ට්‍රොනික උපකරණයක් මාර්ගයෙන් නිකුත් කළ යුතුය.
  • සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගි බස්රථ වල ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යාම හෝ මගීන් සිටගෙන ගමන් කරවීම තහනම් වේ. බස් රථ ලියාපදිංචි කරනුයේ මෙම ප්‍රතිපත්ති අනුගමනය කරන සහ මෙම සම්මතයන් ආරක්ෂා කරන බස් රථ පමණි.
  • පහත සඳහන් තොරතුරු බස්රථය තුළ ප්‍රදර්ශනය කළ යුතුය.
    • බස් ගාස්තු
    • ගමනාරම්භ වේලාව
    • ගමනාන්තයට ළඟා වීමට නියමිත වේලාව
    • ජා.ග.ග.කො.ස විසින් රියැදුරා සහ කොන්දොස්තර ලියාපදිංචි කර ඇති අංක
    • බස් රථයේ අංකය
    • නියමිත පරිදි ක්‍රියා කරන ඔරලෝසුවක්
  • බස් රථයේ ඉදිරියේ සහ පසුපස තිබිය හැක්කේ ප්‍රදර්ශනාත්මක තොරතුරු පමණකි. මගීන්ට හෝ පදිකයන්ට හිරිහැර වන අයුරින් ඉලෙක්ට්‍රොනික පද්ධති හෝ විසිතුරු දෑ සවි කිරීම තහනම් වේ.
  • රේඩියෝව ශ්‍රව්‍ය මාධ්‍යයක් ලෙස පමණක් භාවිත කළ යුතු අතර මගීන්ගේ සැපපහසුව නැති වන මට්ටමට භාවිත කිරීම තහනම් වේ.
නිකමට සිතා බලන්න බස්රථ කීයෙන් කීයක් මෙම නීතිය පිළිපදිනවාද කියා?

ඇත්තෙන්ම මෙහිදී රජයට එල්ල කළ යුතු චෝදනාවක් ද තිබේ. දැනට ලංකාවේ පවතින ජාතිවාදී ක්‍රියා මෙන්ම පෞද්ගලික බස් රථ මාෆියාවටද මෙතරම් වර්ධනය වීමට ඉඩ දුන්නේ රජයමය. රජය ඇතුළේ බස් රථ හිමි ඇමතිලාද සිටිති. ඔවූහු තම වාසියට පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය මූලාශ්‍ර සපයා ගෙන ඇත. ඇත්තනේම ආණ්ඩුවට තිබුණේ පෞද්ගලික බස් රථ කර්මාන්තයට ලංකාවේ පොදු ප්‍රවාහන අවශ්‍යතාවයෙන් 40%  ක පමණ කොටසක් ලබා දීමටය. එහෙත් දැන් එය 70% පමණ වන අතර යම් එහෙකින් පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇති වුවහොත් ලංකාවේ මගීන්ට සිදුවන අපහසුතාවය අතිමහත් වේ. කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ රියැදුරන් බොහෝ දෙනෙකුට මාර්ග නීති වෙනම ඉගැන්වීමට සිදු වී ඇත්තේ මොවුන් ධාවනය කරන මාර්ගයක අනෙකුත් කිසිදු වාහන වල රියැදුරන්ට අපහසුවකින් තොරව ධාවනය කළ නොහැකි නිසාය. එබැවින් මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ ඇස් ඇරේවා යැයි මා ප්‍රාර්ථනා කරමි.

ස්තුතිය : ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි දුරකතන අංකය 0112595555

Friday, March 21, 2014

ආගමික සහජීවනයට මුවා වී කරන මූළධර්මවාදී ක්‍රියාවන්

යකෝ මේක සිංහල රට...... තොපිට ඕනෙම නම් රටට ගැලපෙන විදිහට හිටපල්ල. අපේ රටේ සංස්කෘතියක් තියෙනව. අපේ කම රැකගන්න එක ජාතිවාදී කමක් නම් ... ඔව් මම ජාතිවාදියෙක් , රටට කැක්කුමක් තියෙන එකෙක්. ඒත් එහෙම වුනා කියල අපි තොපි වගේ නිවට වැඩ කරන්නේ නැහැ. පුලුවන්නම් සහෝදරයෝ වගේ එකට හිදපල්ලා. මොකද මගෙත් යාලුවො ඉන්නව මුස්ලිම් , දෙමළ . එවුන් ඔක්කොම කියන්නේ මේක මම ඉපදුනු රට , ඒකට ආදරෙයි කියල. උන් කවදාවත් මා එක්ක ආගම ගැනවත් කතා කරන්නේ නැහැ.මොකද එහෙම උනොත් අපේ හිත් බිදෙන බව දන්න හින්ද. උන් හැමෝගෙම ඉපදුනු රට , මව් රට ලංකාව. උන්ගේ මව් බස සිංහල. උන් කවදාවත් අරාබියටවත් ,ඉන්දියාවටවත් , පකිස්ථානෙටවත් කහින්නේ නෑ. මතක තියාගනිල්ලා අන්තවාදී හැත්තනි , සිංහලයා තමයි කාටත් සමානව සලකන්නේ. තොපි වගේ වතුර උගුරක් ඉල්ලුවට පර්දාව නෑ කියල වතුර නොදී ඉන්න තරම් අපි කුහක නෑ. නැගනහිර තොපි හිටියට අපි මුකුත් කියන්නේ නැහැ. හැබැයි වැඩිය උඩ පනින්න එපා. තොපි විනාශ කරන නැගනහිර පුරාවස්තු රටේම ඉතිහාසය වැළලීමක් වන බව අන්තවාදීන් දන්නා නිසා උන් තොපිව පොළඹවාවි.

අනික මතක තියා ගනිල්ලා ශ්‍රී ලංකා කොඩියෙත් තොපි සුලු ජාතියක් බව. උඹලා යමක් කරන්න කලින් මතක තියා ගනිල්ලා රට වෙනුවෙන් තම ජීවිතය පවා පරිත්‍යාග කළ රාමනාදන්ලා , අරුණාචලම්ලා , ලෙබ්බේ ලා , ලක්ෂ්මන් කදිරගාමර් ලා ..... බෞද්ධ ගීත වැඩිමනක් ගැයූ මොහිදින් බෙග් වගේම රණවිරු තුවාන් මුතාලිෆ් වැනි වුන් සිටි බව . මොවුන්ට රට වෙනුවෙන් කැක්කුමක් තිබ්බා. රට ගැන ලොකු දැක්මක් තිබ්බා. ජාතිවාදය බෙදුම්වාදය වගේ පටු පරමාර්ථ මොවුන්ගේ තිබ්බේ නැහැ. පුලුවන්නම් හොදින් හිටපියව්. බැරිනම් තොපි කහින රටවල් වලට මකබෑවෙයව්.


මෙය මා බුකියේ තිබූ පෝස්ටුවකින් උපුටා ගන්නා ලද කොටසකි. මෙය අවුරුද්දකට පමණ පෙර පළවූ ලිපියක කොටසක් බවත් අද වර්තමානයේ මෙහි සත්‍යතාවය මනාව පෙනෙන බවත් කියා සිටීමට කැමැත්තෙමි. මෙහි පළමු සිද්ධිය නම් සිංහල සාහිත්‍යයේ මහඟු පරිවර්ථනයක් සිදු වූ ඓතිහාසික කුරුණෑගල පුරවරයේ දැනට සිදුවෙමින් පවතින මහාපරිමාණ අන්තවාදී ඇඟලුම් ව්‍යාපාරයක් වන ෆැෂන් බග් හි නවතම ප්‍රචාරණ පෝස්ටරුවයි. මෙහිදී ඇතුගල කන්දේ ඇති බුදු පිළිම වහන්සේ පිළිඹු සකසන මෘදුකාංග මගින් ඉවත් කර ඇත්තේ මොවුනගේ අධම කම පෙන්වා දෙමිනි. ෂා වරු ඉන්දියාවට කඩා පැන්නේ “පිළිම වන්දනා කරුවෝ නසම්හ! “ යනුවෙන් තේමා පාඨයක්ද සහිතවය. එහෙත් මතු කාලයකදී ඔවූහු ආගමික සහජීවනය පිළිගත් අතර සියලුදෙනා හට තමා කැමති ආගමක් රිසි සේ ඇදහීමට පිළිගැනීමට අවසර දුන්හ. මෙය අප මේ සියලු ඓතිහාසික කරුණු පසෙක තබා දැන් සිටිනා මුස්ලිම් වරුන්ගෙත් සුළුතරයක් වන සූකර මුස්ලිම් අන්තවාදීන් මෙම රටහෙි ආඪ්‍ය බව , සිංහලකම , අපේ කම නැති කිරීමට ක්‍රමාණුකූලව වැඩපිළිවෙළ දියත් කරති. එහෙත් මේ ලාංකේය සිංහල ඉස්ලාම් පුතනුවාගේ කතාව අසා සිටින්න.



බලන්න මෙයින් ඔබට කෙතරම් ශ්‍රේෂ්ඨ අදහස් ගත හැකිද කියා. අපි මුස්ලිම් සහෝදරයන්ට දමිළ සහෝදරයන්ට බාධා කරන්නේ නෑ. අපි ඔවුනට ගෞරව කරන්නෙමු. එහෙත් සහජීවනය නැති තැන බෙදුම්වාදය ඇති වන බව වටහා ගත යුතුයි නේද? ඕනෑම මිනිසෙකුට පන්සලට කෝවිලට පල්ලියට ආගම් බේදයකින් තොරව යාමේ ස්වාධීනත්වයක් තිබිය යුතුයි නේද?

එහෙත් මේ රට කරවන්න ඉන්න ඇමති වරු කීයෙන් කී දෙනෙක් උගත් අය සිටිත්ද? මොවුන්ගේ අවම සුදුසු කම උපාධියක්වත් තිබේද? විශේෂයෙන්ම මාගේ සිත් පෑරුණු තවත් සිද්ධියක් නම් රිෂාඩ් බඩ(උ)ඩින් පසුගිය දවසක මාධ්‍යයට කළ ප්‍රකාශයයි. රිෂාඩ් බඩ(උ)ඩින් , ඔබ ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න පුළුවන් ඒත් එයිට වඩා ඔබ ජාතික තළයේ නායකයෙක්. එසේනම් ඔබ සියලු දෙනාට සමානව සේවය කළ යුතුයි. මුස්ලිම් ප්‍රජාවට පමණක් සේවය කිරීම ඔබගේ යුතුකම නොවේ. බොදු බල සේනාවේ නායක ගලබඩඅත්තේ හාමුදුරුවෝ රටේ පිළිගත් චරිතයක්. රටේ වැරදි අඩුපාඩු පෙන්වා දීම එවන් චරිත වල ලක්ෂණයක්. ඒත් ඒවා සාවද්‍ය ලෙස පිළිගැනීම ඔබේත් රටේත් පරිහානියට හේතු වන බව උවා දැක්වීම වටියි. සියලු දෙනාට සමව සැලකීම මහත් සේ දියුණුවට පත් වන කාරණාවක් බව වටහා ගන්න. පුළුල් දේශපාලන දැක්මක් සහිතව ඉදිරියට යන්න.






Thursday, March 20, 2014

විවාහය ගැන ආකල්පය....

ඊයේ මාගේ පිය‘ඹ පැවසූ දෙයකින් ඇය විවාහය ගැන ඈගේ සුභාකල්පය වැටැහුණු අතර  ඈ පිළිබඳ අපමණ ගෞරවයක්ද ඇති විණ.

සිද්ධිය මෙලෙස දිග හැරේ......

මෝ ගමන් කරන මාණ්ඩලික සේවා සපයන වෑන් රථය (staff service van එකලු හොඳේ..) යෙහි ගමන් ගන්නා එක්තරා තනිකඩ තරුණයෙකුගෙන් එහි ගමන් ගන්නා අනෙක් අය තවම තනිකඩ මන්දැයි විමසා සිටියහ.

“තවම 100% ගැලපෙන කෙල්ලෙක් හම්බ උනේ නැහැ“ යි පැවසූ විට මාගේ බිරිඳ “මල්ලී , කවදාවත් ඔයාට 100% ගැලැපෙන කෙනෙක් හම්බ  වෙන්නේ නැහැ“ පවසා ඇත.

“එහෙනම් අක්කේ ඔයා අයියව ඩිවෝස් කරල , දුර පළාතකින් කෙනෙක් බැඳගන්න“ කියා තරුණයා පවසද්දී
මාගේ බිරිඳ “ මල්ලි මට අයිය ඇරෙන්න වෙන කෙනෙක් ඕනි නැහැ.“ යි පවසත්දී  අර තරුණයා “ඕකනේ අක්කෙ උගුරට හොරා බෙහෙත් බොනව කියන්නේ “ යැයි පවසා ඇත.
“ එහෙම නෙමෙයි මල්ලි. ඇත්ත එයා මට 100% ගැලපෙන්නේ නැහැ. ඒක තමයි අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නේ. අනික 100% ගැලපුනොත් කසාදෙ තිත්ත වෙනවා! මොකද දෙන්නම හිතන්නෙ එක විදිහට. එතකොට ඒකෙ වෙනසක් නැහැ. අදහස් වල වෙනස්කමක් තියෙනකොට තමයි දෙන්නෙක්ගෙ තියෙන බැඳීම ශක්තිමත් වෙන්නෙ. අපි දෙන්නගෙ වෙනස්කම් තියෙනව. ඒ ගැන දෙන්නම අවබෝධ කරගෙන ඉන්නේ. දෙන්නගෙම හොඳ නරක දෙකම සමව විඳගන්න එක තමයි හොඳ කසාද ජීවිතයක් කියන්නේ. අනික අයිය මට ආදරය කරන තරමට මට එයාට ආදරය කරන්න බැහැ. මොකද ඒ ආදරය ගොඩක් උතුම්,ලෙන්ගතුයි. ඕනම පවුලක මත ගැටුම් ඇති වෙනව. ඒව දුරදිග යවාගන්නේ අපි අපිමයි. තේරුම් අරගෙන මොළේ පාවිච්චි කරල වැඩ කළොත් මත ගැටුම් සමථයකට පත්වෙනව විතරක් නෙමෙයි අනිත් කෙනා හිතන පතන විදිහ ගැන උනත් අවබෝධයක් ගන්න පුළුවන් “ යැයි පවසා ඇත.

සෑම ගැහැණියක්ම විවාහය ගැන මෙලෙස දකින්නට හැකියාවක් ඇත්නම් කෙතරම් අගනේද?

Tuesday, February 18, 2014

පාරිභෝගිකයන්ගෙන් සත්‍ය වසන් කරන මහා පරිමාණ ආහාර නිශ්පාදකයන්

ආයුබෝවන්! කාලෙකින් පෝස්ටුවක් දාන්න බැරිවුනේ අධික කාර්යබහුලත්වය හින්දා. ඒත් කාලෙක පටන්ම ලිවීමට අදහස් කළ ලාංකේය වෙළෙඳ පොළෙහි ඇති එහෙත් මිනිසුන්ගෙන් කරුණු වසන් කරමින් මිනිසාට අලෙවි කරන ඇතැම් ආහාර ද්‍රව්‍ය පිළිබඳ යම් අදහසක් ඔබ වෙත පිරිනමමි.

ඇත්තෙන්ම පසුගිය දිනවල මහත් ආන්දෝලනයට පත්වූ ඇතැම් රසකාරක , පාට ගන්වනයන් (කලරින්), ඇතැම් අම්ල (ඇසිඩ්) පිළිබඳව ඔබ හොඳින්ම මතක ඇති. එහෙත් ඔබ වෙළෙඳ සැල් වලින් ලබාගන්නා පෙරසැකසූ ආහාර වල මෙම ද්‍රව්‍ය ඇති හෝ නැති බව ඔබ දන්නේද ? කාලයකදි වහ දේ කාලයකදී රස වේ ලු! යන කියමන සැබෑ කරමින් , ආහාර නිශ්පාදකයන් මෙම එකම ද්‍රව්‍යය විවිධ නම් වලින් කරලියට ගෙන එති. ඇත්තෙන්ම මෙම සමහර රසායනික ද්‍රව්‍යයන් ස්වල්ප වශයෙන් ශරීරයට දරාගත හැකි වුවද , නිතර නිතර ශරීරගත වීමෙන් දිගුකාලීන බලපෑම් ඇති කළ හැකිය. 

මෙම ශරීරයට දරාගැනීමේ ශක්තිය පිළිබඳව පුළුල්ව සලකා බැලූ විට , රජරට වකුගඩු රෝගය හොඳම උදාහරණයක් යැයි කිව හැකිය. ඇත්තෙන්ම ස්වභාවික ජලයේ ආසනික් , කැඩ්මියම් වැනි මූලද්‍රව ඉතාමත් ස්වල්ප ලෙස පවතියි. මිනිසාගේ වැරදි භාවිතයන් නිසා ( උදාහරණ ලෙස නියමිත මාත්‍රාවට වඩා පොහොර , කෘමිනාශක  යෙදවීම ) ජලයේ කොටස් මිලියනයකට තිබිය යුතු මෙම මූලද්‍රව්‍යයන් ප්‍රමාණය (ppm - parts per million) ක්ෂණික සර්ජනයකට ලක්වී මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමට පත්වී ඇත. මෙය ඇත්තෙන්ම නූගත් කම සහ අදාළ ආයතන වලින් නිසි පරිදි  දැනුවත් නොකිරීම නිසා සිදුවූ විනාශයකි. 

 කෙසේ වෙතත් අප පරිභෝජනය කරන සියලුම ආහාර වල සුරක්ෂිතතාව පිළිබඳව මනා කොට දැනුවත්ව සිටීම අප සියලු දෙනා සතු වගකීමකි.පහත දැක්වෙනුයේ වෙළෙඳ පොළෙහි බහුලව ඇති එහෙත් පැරණි වෙළෙඳ නාමයන් වෙනුවට නවතම අංකනයන් සහිත හෝ නැවත නැවතත් කරලියට පැමිණෙන සෞඛ්‍යයට අහිතකර රසායනිකයන් වේ.

මොනො සොඩියම් ග්ලුටමේට්/ එම්.එස්.ජී

මෙය  බොහෝ විට රසකාරකයක් ලෙස යොදා ගනියි. නිසි මාත්‍රාවෙන් යෙදූ විට ව්‍යංජන හා ආහාර මනා රසයකින් යුක්ත වේ. එහෙත් නිතර නිතර භාවිතයෙන් ස්නායු ආබාධ , හෘදය වස්තුවේ අකර්මන්‍යතා ආදී රෝගයන්ට ලක් විය හැකිය.  පෙරදී මොනො සොඩියම් ග්ලුටමේට්/ එම්.එස්.ජී නාමයෙන් වෙළෙඳ පොළට නිකුත් වූ සමහර ආහාර දැන් E620, E621, E622, E623, E624, E625 යන සංකේත නාමයන්ගෙන් නිකුත් වේ. ඇතැම් දුර පළාත් වල ආහාර වලට මේවා අහුරු පිටින් එකතු කරන‘යුරු මම දැක ඇත්තෙමි. 

වර්ණකාරක (E100 - E199)හා කල්තබාගැනීමේ රසායනික  (E200 - E299)

එන්ගලන්තයේ හා කැනඩාවේ තහනම් කර ඇති සෞඛ්‍යයට තර්ජනයක් වන ඇතැම් වර්ණ කාරක ලංකාවේ භාවිත කරයි. විශේෂයෙන් ඊ102 යන ටාට්‍රික් අම්ලය , ආහාර කහ පාට ගැන්වීමට භාවිත කලත් ඒවායෙන් සෞඛ්‍යයට වන තර්ජනය කෙසේද යත් යුරෝපීය රටවල් වල කුඩා ළමුන් හට මෙම රසායනික අඩංගු ද්‍රව්‍ය භාවිතයට පවා අවසර දී නොමැත. තවද E249 , E252 ආදී වූ නයිට්‍රේට හෝ නයිට්‍රයිට අඩංගු ආහාර පරිභෝජනය මිනිසාට පිළිකා වැළඳීමේ අවධානමක් ඇති බවද විද්‍යාඥයන් පෙන්වා දී ඇත.


මා මෙහිදී සඳහන් කළේ ඉතාමත් සුළු කරුණු ප්‍රමාණයක් පමණි. එසේම ඔබ පානය කරන බොහෝ ජනප්‍රිය පැණි බීම වල ඇත් අධි සාන්ද්‍ර සීනි සහ ඇතැම් අම්ල මගින් ඔබගේ අස්ථි ඝනත්වය සිඝ්‍රයේන පහත හෙළන බව ඔබ දැන සිටියාද? මින් පසු ආහාර මිලට ගැනීමේදී මේ පිළිබඳ දැනුවත් වන්න. අපගේ අනාගත පරපුර මෙන්ම ඔබගේ ජීවිතයද රැකගන්න. ඔබ මිලට ගන්නා ආහාර වල සුරක්ෂිතතාව පිළිබඳව ප්‍රශ්න කිරීම ඔබ සතු අයිතිවාසිකමකි.